Posts
Showing posts from 2020
නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය - Nidahas Adyapanaye Swarupa
කර්තෘ - ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මිල - රු. 175/- සී.ඩබ්ලිව්.ඩබලිව්. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ව්‍යාපාරයට ඌනපූරණ ඉදිරිපත් කරමින්ද, ඊට එරෙහිව නැගුණු ඉහළ පාන්තික විරෝධතාවන් මතවාදීව පරාජය කරමින්ද, ඇන්.ඇම්. මෙරට නිදහස් අධ්‍යාපනයේ පරිසමාප්තතාව උදෙසා මෙම කෘතිය සම්පාදනය කළේ බෝගම්බර සිරගෙදර සිටය. විශේෂයෙන්ම දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපනය සඳහා වූ විශේෂ කොමිටියේ දුබලතාවන් විවේචනයටත් ප්රබලතාවන්හි ස්ථාවරත්වය සඳහාත් මෙම කෘතිය රචනා කර ඇති බව දැක්වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම සහ හිටපු අමාත්‍ය බැටී වීරකෝන් විසින් රචිත පෙරවදන් දෙකකින්ද කෘතිය සංගෘහිතය. ■ ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
ඉන්දීය ව්‍යවස්ථාව ජාතියක පදනම බිහිවීමේ කතාව - Indiya wyawasthawa jathiyaka padhanama bihiwime kathawa
කර්තෘ - ග්‍රැන්විල් ඔස්ටින් පරිවර්තනය - නිශාන්ත කුලරත්න මිල රු : 550/= සමස්ත ඉන්දියාවම නියෝජනය කරන ලෙස සම්පාදිත ව්‍යවස්ථාවක් ලෙස ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැඳින්විය හැකිය. ඒ සඳහා ගොඩනැගූ ව්‍යවස්ථා සභාවේ මුළු මහත් බලය ඉන්දීය ජාතික කොංග්‍රසය සතුවිය. එසේ තිබියදීත් පුද්ගල හා පටු දේශපාලන වුවමනාවන්ට ඉන්දීය ව්‍යවස්ථාව ගොදුරු නොවීය. මේ සමස්ත වැඩසටහන සිදුවු ආකාරයත් එහි උපායමාර්ග හා දර්ශනයන් ග්‍රැන්විල් ඔස්ටින්ගේ කෘතිය ප්රතීයමාන කරයි. රාවය ප්රකාශනයක් ලෙස එළිදකින මෙම කෘතිය නව ව්‍යවස්ථා සම්පාදනයක් උදෙසා කකුල පෙරට තබා සිටින ලාංකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අභ්‍යාසයට මහත් පිටිවහලක් වනු ඇත. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
58 හදිසි අවස්ථාව - 58 hadisi awasthawa
කර්තෘ: ටාසි විට්ටච්චි මිල රු: 450/= “ඔබ හෝ එකම එක දෙමළකු හෝ ඉතුරු වෙතැයි නොසිතනු. ඔබලා ගිනිගත් පන්දම් බවට පත් කිරීමට සැහෙන තරම් පෙට්‍රල් අප ළඟ තිබේ. දෙමළ ගෙවල් සොහොන් කොත් කරන්නෙමු (58 හදිසි අවස්ථාව) 1958 හදිසි නීති අවස්ථාවට පාදක වුයේ උක්ත වදන් වලින් මුර්තිමත් වු වෛරයේ නැගීමය. ඩී. එස්ගේ පුරවැසි පනතෙහි සිට බණ්ඩාරනායකගේ සිංහල පනත පැනවීම දක්වා කාලය තුළ අන්‍ය ජාතීන් පිටු දැකීමේ ක්‍රෑර වුවමනාව මුවහත්විය. 58 මැයි, ජූනි කාලය අතර මහා ලේ වැගිරීම සිදු කළ ජාති භේද කලහය එහි කූටප්‍රාප්තියයි. සිලෝන් ඔබ්සර්වර් කර්තෘ ටාසි විට්ටච්චි 58 අගෝස්තුවේදී මෙම කෘතියේ අත් පිටපත රැගෙන එංගලන්තයට පැමිණියේය. ඒ හදිසි නීතිය යටතේ එය ලංකාවේ පළ කිරීමට නොහැකි නිසාය. නිසංසල හදවත් දෙදරවන මෙම පොතෙහි අඩංගු කතා පුවත දෙස සංවේගයෙන් මෙන්ම “විචාරශීලීව හැරී බැලීමකින් තොරව ලංකාවේ ජාතීන් අතර ප්රශ්නය තේරුම් ගැනීම උගහටය.
ඇන්.ඇම්. උසාවිය අමතයි - n.m. usawiya amathayi
මිල - රු. 80/-කි. කම්කරු ජනතාව සංවිධානය කරමින්, විශේෂයෙන්ම වතු ජනයාගේ වෘත්තීය අයිතීන් දිනාගැනීමේ වර්ජන ඇති කිරීම නිසා 1940 ජූනි 18 ඇන්.ඇම්. පිලිප් ඇතුළු නායකයෝ සිරභාරයට පත්වූහ. 42දී ජපනුන් ලංකාවට බෝම්බ හෙළීමට මුවාවී අධිරාජ්‍යවාදයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කළ මෙම නායකයන් මරා දැමීමේ තැතක්ද මෙරට සුදු පාලකයෝ දැරූහ. 42 අප්‍රේල් 05 ඇන්.ඇම්. ඇතුළු පිරිස හිරෙන් පැන ඉන්දියාවට යන්නේ ඒ අනුවය. වසරකට පමණ පසුව අත්අඩංගුවට පත්ව මෙරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇන්.ඇම්. උසාවිය අමතා කළ සුප්‍රසිද්ධ කතාව රාවය ප්රකාශනයක් ලෙස නිකුත් වී ඇත. බදුල්ල උසාවියේ පැවති එම නඩු විභාගයේදී තමා පැමිණිලිකරු බවත්, ආණ්ඩුකාරයා විත්තිකාරයා බවත් ඇන්.ඇම්. අභීතව කීවේය. මෙම කෘතිය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ විවියන් ගුණවර්ධන ලියූ සාරගර්භ පෙරවදන් දෙකකින්ද සමන්විතය. ■ ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
71 කැරැල්ල - 71 Kerella
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. කර්තෘ - වික්ටර් අයිවන් මිල - රු. 500/- සහභාගිීත්ව නිරීක්ෂණයන් සහිත මෙම කෘතිය 71 කැරැල්ල පිළිබඳ පැතිරුණු දේශපාලන විචාරයකට එළඔී ග්රන්ථයකි. කතුවර වික්ටර් අයිවන් මෙම කෘතයි පුරා දේශපාලන විශ්ලේෂකයකු ලෙස වඩා මැදහත් භූමිකාවකට මග පාදාගෙන තිබීම කෘතියේ ප්රශස්ත බවට වැදගත්ම සාක්ෂියකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
පාස්තු ඛේදවාචකය (රහස් හස්තය එස වූ විට) - Pasku Kedawacakaya
පරිවර්තනය - මහින්ද හත්තක මිල- රු 350 රාජන්හූල් විසින් රචිත Sri lanka Easter Tragedy : When the deep state gets out of its depth කෘතිය ප්‍රවීණ පරිවර්තක මහින්ද හත්තක විසින් සිංහල බසට පරිවර්තනය කර තිබේ. පාස්කු ඛේදවාචකයේ අභ්‍යන්තර කතාව හෙලිදරව් කරන ඒ පිළිබඳ මෙතෙක් පළවූ වැදගත්ම කෘතිය ලෙස මෙය හැඳින්විය හැකිය. පාස්කු ඛේදවාචකයට වගකිව යුතුයැයි සිතිය හැකි පාර්ශ්වයන්ගේ හෘදය සාක්ෂිය සියුම් සැතකින් පාරා ඔවුන්ගේ නිද්‍රාව බිඳින කෘතියක් වන මෙය 2019 අප්‍රේල් 21 දා මෙරට සිදුවූ එම බරපතල සිදුවීම පිළිබඳ තොරතුරු හා විශ්ලේෂණමය වශයෙන් ප්රශස්ත කෘතියක් ලෙසද හැඳින්විය හැකිය. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
ජනාමාධ්‍ය සංස්කෘතිය - Janamadya Saskuthiya
ජනාමාධ්‍ය සංස්කෘතිය - විවේචනාත්මක ඇගයීමක් - අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. මිල- රු 450 ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘති අළලා පළ කැරුණු මෙම ලිපි සංග්‍රහයට මෙරට ජනමාධ්‍ය විෂය පිළිබඳ ප්‍රවීණයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු දායක වී සිටිති. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
කාල් මාක්ස්ගේ ජීවමාන චින්තනය (ට්‍රොස්කි)
පරිවර්තනය - සේපාල විජේසේකර මිල-රු.400/= මෙහි අන්තර්ගත වන්නේ කාල්මාක්ස් විසින් රචිත ’ ප්රාග්ධනය, දේශපාලන අර්ථ ශාස්ත්‍රය පිළිබඳ විචාරයක්’ නමැති විiාත්මක විශ්ලේෂණය පදනම් කරගනිමින් ලියොන් ට්‍රොස්කි ඔහුගේ ආර්ථික ඉගැන්වීම් වල මූලධර්ම තමන්ගේම බසින් විස්තාරණය කිරීමකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
ජනවිවිධත්වය - Janawiwidathwaya
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. රාවය කර්තෘ මණ්ඩලයේ සංස්කරණයකි. මිල - රු.500/- ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන්ගෙන් පරිධියෙහි, බැහැර සීමාවල වාසය කරන විවිධ ජන කණ්ඩායම් වල සම්භවය , විකාශය හා සිරිත් විරිත් යනාදිය පිළිබඳ මෙම ලිපි සරණිය මගින් සාකච්ඡා කැරේ. රාවය කර්තෘ මණ්ඩලයේ සාමූහික ප්රයත්නයකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
ඊවා ලූනා - Eva Luna
ඉසබෙල් අයියන්දේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. පරිවර්තනය - ගාමිණී වියංගොඩ මිල - රු.700 ඊවා ලූනාහි කතා සංදර්භය අතිශය නිර්මාණශීලී අවකාශයක් ඔස්සේ පාඨකයාගේ ජීවිතාවබෝධයට අලුත් හා හැඟීම්බර සාක්ෂ්‍යය රැසක් එක්කර දෙයි. එහිදී නව අඛ්‍යාන රටාවක්ද ලේඛකයා වහල් කොට ගෙන ඇත. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
ඇත්තක අරුමය - Eththaka Urumaya
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. පරිවර්තනය - විජයානන්ද ජයවීර මිල - රු. 450/- යථාර්ථය ගවේෂණයට උපකාරී වන්නේ විද්‍යාත්මක එළඔුම්ය. ඩෝකින්ස් විසින් රචිත මෙම කෘතිය විද්‍යාත්මක ඇවතුම් පැවතුම් ක්‍රියාවලියක හා තේරුම් ගැනීමක වැදගත්කම අවධාරණය කරයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
ලංකාවේ කුණුවීම - Lankawe Kunuweema
කර්තෘ - වික්ටර් අයිවන් මිල - රු. 500/= ලංකාවේ සෑම ක්ෂේත්රයකම පවතින ගරා වැටුණු, මජර ගලන හා කුණු වූ තත්ත්වය තේමා කරගෙන ඉන් මිදෙන මඟක් සොයනුවස් කළ මහත් වූ දේශපාලන ලිවිසැරියකි. අරාජිකත්වයට විකල්පය ලෙස ජනතාව ඒකරාශි කළ වැඩපිළිවෙළක් කතුවරයා සමාජයේ ඉස්මත්තට කැඳවයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
නොනිමි අරගලය - Nonimi Aragalaya
කර්තෘ- වික්ටර් අයිවන් මිල- රු. 900/= අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුගේ බිරිඳ දූෂණය කළ මහේස්ත්රාත්වරයාගේ ක්‍රියාකලාපය හා මෙහිදී ඔහුට දිගින් දිගටම රැකවරණ සැපයූ සරත් සිල්වා අගවිනිසුරුගේ දූෂිත අධිකරණ මැදිහත්වීම මෙන්ම අධිකරණ විෂය මුහුණ දුන් අර්බුදය මෙම කෘතියෙන් ප්රතීයමාන කැරෙයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
ජීවිතයේ ප්රබෝධය මරණයේ අසිරිය - Jiwithaye Prabodaya Maranaye Asiriya
කර්තෘ - වික්ටර් අයිවන් මිල - රු. 300/= සිය විශ්‍රාම දිවිය ප්‍රබෝධමත්ව ගත කරන්නේ කෙසේද යන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුහුණ දෙන ප්රශ්නයකි. ජීවිතයේ කෙළවර අසිරිමත් වීමට නම් පුරවැසියාට සමාජීය වශයෙන් සක්‍රිය දිවි පෙවෙතක් තිබිය යුතුය. මෙම කෘතියේදී ලේඛකයා මතුකරන තේමාව එයයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
ලංකාව බෙදී ගිය ජාතියක් - Lankawa Bedigiya Jayathiyak
කර්තෘ- බී. එච්. ෆාමර් මිල - රු. 250/= ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති වර්ගාන්තර අර්බුදය පැරණි අතීතය දක්වා දිවෙන ආකාරය හා යටත් විජිත පාලනය, ආර්ථික ක්‍රමය මෙන්ම දේශපාලන පෙරලි නිසා මෑත යුගයේ ජනවර්ග අතර සබඳතා තවදුරටත් අවුල් වී ගිය ආකාරය ලංකාව බෙදී ගිය ජාතියක් කෘතියෙන් විවරණය කැරේ. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852