ඇන්.ඇම්. උසාවිය අමතයි - n.m. usawiya amathayi



මිල - රු. 80/-කි.


කම්කරු ජනතාව සංවිධානය කරමින්, විශේෂයෙන්ම වතු ජනයාගේ වෘත්තීය අයිතීන් දිනාගැනීමේ වර්ජන ඇති කිරීම නිසා 1940 ජූනි 18 ඇන්.ඇම්. පිලිප් ඇතුළු නායකයෝ සිරභාරයට පත්වූහ. 42දී ජපනුන් ලංකාවට බෝම්බ හෙළීමට මුවාවී අධිරාජ්‍යවාදයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කළ මෙම නායකයන් මරා දැමීමේ තැතක්ද මෙරට සුදු පාලකයෝ දැරූහ. 42 අප්‍රේල් 05 ඇන්.ඇම්.  ඇතුළු පිරිස හිරෙන් පැන ඉන්දියාවට යන්නේ ඒ අනුවය. වසරකට පමණ පසුව අත්අඩංගුවට පත්ව මෙරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇන්.ඇම්. උසාවිය අමතා කළ සුප්‍රසිද්ධ කතාව රාවය ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත. බදුල්ල උසාවියේ පැවති එම නඩු විභාගයේදී තමා පැමිණිලිකරු බවත්, ආණ්ඩුකාරයා විත්තිකාරයා බවත් ඇන්.ඇම්. අභීතව කීවේය. මෙම කෘතිය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ විවියන් ගුණවර්ධන ලියූ සාරගර්භ පෙරවදන් දෙකකින්ද සමන්විතය. ■

ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852


Comments

Popular posts from this blog

ගැටුම් නිරාකරණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් - Getum Nirakaranaya Pilibada Siddi Adyanayak

චෞර රාජ්‍යය - Chura Rajya

71 කැරැල්ල - 71 Kerella