Posts

Showing posts from September, 2020
Image
 

නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය - Nidahas Adyapanaye Swarupa

Image
කර්තෘ - ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මිල - රු. 175/- සී.ඩබ්ලිව්.ඩබලිව්. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ව්‍යාපාරයට ඌනපූරණ ඉදිරිපත් කරමින්ද, ඊට එරෙහිව නැගුණු ඉහළ පාන්තික විරෝධතාවන් මතවාදීව පරාජය කරමින්ද, ඇන්.ඇම්. මෙරට නිදහස් අධ්‍යාපනයේ පරිසමාප්තතාව උදෙසා මෙම කෘතිය සම්පාදනය කළේ බෝගම්බර සිරගෙදර සිටය. විශේෂයෙන්ම දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපනය සඳහා වූ විශේෂ කොමිටියේ දුබලතාවන් විවේචනයටත් ප්‍රබලතාවන්හි ස්ථාවරත්වය සඳහාත් මෙම කෘතිය රචනා කර ඇති බව දැක්වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම සහ හිටපු අමාත්‍ය බැටී වීරකෝන් විසින් රචිත පෙරවදන් දෙකකින්ද කෘතිය සංගෘහිතය. ■ ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ඉන්දීය ව්‍යවස්ථාව ජාතියක පදනම බිහිවීමේ කතාව - Indiya wyawasthawa jathiyaka padhanama bihiwime kathawa

Image
  කර්තෘ - ග්‍රැන්විල් ඔස්ටින් පරිවර්තනය - නිශාන්ත කුලරත්න  මිල රු : 550/= සමස්ත ඉන්දියාවම නියෝජනය කරන ලෙස සම්පාදිත ව්‍යවස්ථාවක් ලෙස ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැඳින්විය හැකිය. ඒ සඳහා ගොඩනැගූ ව්‍යවස්ථා සභාවේ මුළු මහත් බලය ඉන්දීය ජාතික කොංග්‍රසය සතුවිය. එසේ තිබියදීත් පුද්ගල හා පටු දේශපාලන වුවමනාවන්ට ඉන්දීය ව්‍යවස්ථාව ගොදුරු නොවීය. මේ සමස්ත වැඩසටහන සිදුවු ආකාරයත් එහි උපායමාර්ග හා දර්ශනයන් ග්‍රැන්විල් ඔස්ටින්ගේ කෘතිය ප්‍රතීයමාන කරයි. රාවය ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම කෘතිය නව ව්‍යවස්ථා සම්පාදනයක් උදෙසා කකුල පෙරට තබා සිටින ලාංකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අභ්‍යාසයට මහත් පිටිවහලක් වනු ඇත. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

58 හදිසි අවස්ථාව - 58 hadisi awasthawa

Image
කර්තෘ: ටාසි විට්ටච්චි මිල රු: 450/= “ඔබ හෝ එකම එක දෙමළකු හෝ ඉතුරු වෙතැයි නොසිතනු. ඔබලා ගිනිගත් පන්දම් බවට පත් කිරීමට සැහෙන තරම් පෙට්‍රල් අප ළඟ තිබේ. දෙමළ ගෙවල් සොහොන් කොත් කරන්නෙමු (58 හදිසි අවස්ථාව) 1958 හදිසි නීති අවස්ථාවට පාදක වුයේ උක්ත වදන් වලින් මුර්තිමත් වු වෛරයේ නැගීමය. ඩී. එස්ගේ පුරවැසි පනතෙහි සිට බණ්ඩාරනායකගේ සිංහල පනත පැනවීම දක්වා කාලය තුළ අන්‍ය ජාතීන් පිටු දැකීමේ ක්‍රෑර වුවමනාව මුවහත්විය. 58 මැයි, ජූනි කාලය අතර මහා ලේ වැගිරීම සිදු කළ ජාති භේද කලහය එහි කූටප්‍රාප්තියයි. සිලෝන් ඔබ්සර්වර් කර්තෘ ටාසි විට්ටච්චි 58 අගෝස්තුවේදී මෙම කෘතියේ අත් පිටපත රැගෙන එංගලන්තයට පැමිණියේය. ඒ හදිසි නීතිය යටතේ එය ලංකාවේ පළ කිරීමට නොහැකි නිසාය. නිසංසල හදවත් දෙදරවන මෙම පොතෙහි අඩංගු කතා පුවත දෙස සංවේගයෙන් මෙන්ම “විචාරශීලීව හැරී බැලීමකින් තොරව ලංකාවේ ජාතීන් අතර ප්‍රශ්නය තේරුම් ගැනීම උගහටය.

ඇන්.ඇම්. උසාවිය අමතයි - n.m. usawiya amathayi

Image
මිල - රු. 80/-කි. කම්කරු ජනතාව සංවිධානය කරමින්, විශේෂයෙන්ම වතු ජනයාගේ වෘත්තීය අයිතීන් දිනාගැනීමේ වර්ජන ඇති කිරීම නිසා 1940 ජූනි 18 ඇන්.ඇම්. පිලිප් ඇතුළු නායකයෝ සිරභාරයට පත්වූහ. 42දී ජපනුන් ලංකාවට බෝම්බ හෙළීමට මුවාවී අධිරාජ්‍යවාදයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කළ මෙම නායකයන් මරා දැමීමේ තැතක්ද මෙරට සුදු පාලකයෝ දැරූහ. 42 අප්‍රේල් 05 ඇන්.ඇම්.  ඇතුළු පිරිස හිරෙන් පැන ඉන්දියාවට යන්නේ ඒ අනුවය. වසරකට පමණ පසුව අත්අඩංගුවට පත්ව මෙරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇන්.ඇම්. උසාවිය අමතා කළ සුප්‍රසිද්ධ කතාව රාවය ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත. බදුල්ල උසාවියේ පැවති එම නඩු විභාගයේදී තමා පැමිණිලිකරු බවත්, ආණ්ඩුකාරයා විත්තිකාරයා බවත් ඇන්.ඇම්. අභීතව කීවේය. මෙම කෘතිය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ විවියන් ගුණවර්ධන ලියූ සාරගර්භ පෙරවදන් දෙකකින්ද සමන්විතය. ■ ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

සමාජවාදය සහ ක්‍රිස්තියානි සංඝ - Samajawadaya Saha Kristiyani Sanga

Image
පරිවර්තනය- සේපාල විජේසේකර මිල-රු.200/= මෙය ආදී ක්‍රීස්තියානි ධර්මය හා ඒ වටා පැන නැගි සංඝ ( කොමියුන) කේන්ද්‍ර කරගත් විචාරාත්මක විශ්ලේෂනයකි. මෙසේ  වුවත් එය පොදුවේ සියලු ආගම් සම්බන්ධයෙන් මාක්ස්වාදීන් දරන ආල්පය ඉතා පැහැදිලිව ගෙන හැර පායි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

71 කැරැල්ල - 71 Kerella

Image
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. කර්තෘ  -  වික්ටර් අයිවන් මිල - රු. 500/- සහභාගිීත්ව නිරීක්ෂණයන් සහිත මෙම කෘතිය 71 කැරැල්ල පිළිබඳ පැතිරුණු දේශපාලන විචාරයකට එළඔී  ග්‍රන්ථයකි. කතුවර වික්ටර් අයිවන් මෙම කෘතයි පුරා දේශපාලන විශ්ලේෂකයකු ලෙස වඩා මැදහත් භූමිකාවකට මග පාදාගෙන තිබීම කෘතියේ ප්‍රශස්ත බවට වැදගත්ම සාක්ෂියකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ආදරය කලාවකි - Adaraya Kalawaki

Image
පරිවර්තනය- කේ.ඒ.එන් පෙරේරා මිල - රු.400/- මානව පැවැත්මෙහි  පදනම ආදරය බව එරික් ෆ්‍රෝම් මෙම කෘතිය මගින් පෙන්වා දෙයි. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ආදර කලාවක් ලෙස අභ්‍යාස කිරීමෙන් බව ද කෘතිය දක්වයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

පද්ම තටාකය - 1 සහ 2 - Padmatatakaya 1 saha 2

Image
සංස්කරණය  - රත්න ශ්‍රී විජේසිංහ මිල- රු 500/- රාවය පුවත්පතේ කවි අස්වැන්නෙන් තෝරාගත් කාව්‍ය සමුච්චය 80 දසකයේ කවි ලියූ අද ප්‍රවීණ කවීන් බවට පත් රැසකගේ නිර්මාණ මෙහි සංගෘහිය. ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මෙම කෘති ද්වයෙහි සංස්කාරකත්වය දරයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

අවබෝධයේ අසිරිය - Avabodaye Asiriya

Image
කර්තෘ - ආචාර්ය එච්. ඩී. සුමනරත්න මිල - රු. 700/= මහාචාර්ය ඬේවිඞ් ක්‍රිස්ටියන්ගේ  Big History    නමින් ප්‍රකට දේශන මලාව මීට පාදක වෙයි. මානව සමාජයේ පරිහානිය හා ලංකාව මුහුණ දී සිටින අර්බුදය කතුවරයා සිය විවරණයට පාදක කර ගනී. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

පසුබට වීමට කලක් නොමැත - (DARE NOT LINGER)

Image
පරිවර්තනය - මහින්ද හත්තක මිල - රු. 825/= නව ප්‍රජාතන්ත්‍රවාදි දකුණු අප්‍රිකාව ගොඩ නැගීමේදී නෙල්සන් මැන්ඩෙලා විසින් සංහිඳියාව, ජාතික සමගිය හා ආර්ථිකය ගොඩ නැගීමට දැක්වූ චින්තනමය ධාරිතාව මෙමගින් විශද කැරෙයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

Sri Lanka’s Easter Tragedy (English Book)

Image
  කර්තෘ - රාජන් හුල් මිල - රු. 400/= පාස්කු දා ප්‍රහාරයෙන් රටෙහි උද්ගත වූ ආරවුල හා ඉන් මුස්ලිම් ජනයාට අභිමුඛ බරපතළ තත්ත්වයත්, මුස්ලිම් ජනයා ඉදිරි යේදී තීරක බලවේගයක් වීමත් මෙහි සංගෘහිතය.  ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

පාස්තු ඛේදවාචකය (රහස් හස්තය එස වූ විට) - Pasku Kedawacakaya

Image
පරිවර්තනය -  මහින්ද හත්තක මිල- රු 350 රාජන්හූල් විසින් රචිත  Sri lanka Easter Tragedy : When the deep state gets out of its depth   කෘතිය ප්‍රවීණ පරිවර්තක මහින්ද හත්තක විසින් සිංහල බසට පරිවර්තනය කර තිබේ. පාස්කු ඛේදවාචකයේ අභ්‍යන්තර කතාව හෙලිදරව් කරන ඒ  පිළිබඳ මෙතෙක් පළවූ වැදගත්ම කෘතිය ලෙස මෙය හැඳින්විය හැකිය. පාස්කු ඛේදවාචකයට වගකිව යුතුයැයි සිතිය හැකි පාර්ශ්වයන්ගේ හෘදය සාක්ෂිය සියුම් සැතකින් පාරා ඔවුන්ගේ නිද්‍රාව බිඳින කෘතියක් වන මෙය 2019 අප්‍රේල් 21 දා මෙරට සිදුවූ එම බරපතල සිදුවීම පිළිබඳ තොරතුරු හා විශ්ලේෂණමය වශයෙන් ප්‍රශස්ත කෘතියක් ලෙසද හැඳින්විය හැකිය.  ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ජනාමාධ්‍ය සංස්කෘතිය - Janamadya Saskuthiya

Image
 ජනාමාධ්‍ය සංස්කෘතිය  - විවේචනාත්මක ඇගයීමක් - අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. මිල- රු 450  ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘති අළලා පළ කැරුණු මෙම ලිපි සංග්‍රහයට මෙරට ජනමාධ්‍ය විෂය පිළිබඳ  ප්‍රවීණයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු  දායක වී සිටිති. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

යහපාලනයේ දේශපාලන දර්ශනය - David Miller Political Philosophy - A very Short introduction

Image
යහපාලනයේ දේශපාලන දර්ශනය   - පරිවර්තනය - කේ.ඒ.එන්. පෙරේරා මිල- රු 400 තාක්ෂණයේ දියුණුව, ජනසමාජය ප්‍රමාණයෙන් විශාල වීම හා සංකීර්ණවීම හේතුවෙන් යහපාලනයේ හැඩය වෙනස් වුවද එම තේරීම ජනතාවගෙන් විය යුතුය යන්න මෙම කර්තෘ සංදර්භ කොට ගනී. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

කාල් මාක්ස්ගේ ජීවමාන චින්තනය (ට්‍රොස්කි)

Image
පරිවර්තනය - සේපාල විජේසේකර මිල-රු.400/= මෙහි  අන්තර්ගත වන්නේ  කාල්මාක්ස් විසින් රචිත ’ ප්‍රාග්ධනය, දේශපාලන අර්ථ ශාස්ත්‍රය පිළිබඳ විචාරයක්’  නමැති  විiාත්මක විශ්ලේෂණය පදනම් කරගනිමින් ලියොන් ට්‍රොස්කි ඔහුගේ ආර්ථික ඉගැන්වීම් වල මූලධර්ම තමන්ගේම බසින් විස්තාරණය කිරීමකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ජනවිවිධත්වය - Janawiwidathwaya

Image
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. රාවය කර්තෘ මණ්ඩලයේ සංස්කරණයකි. මිල - රු.500/- ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන්ගෙන් පරිධියෙහි, බැහැර සීමාවල වාසය කරන විවිධ ජන කණ්ඩායම් වල සම්භවය , විකාශය හා සිරිත් විරිත් යනාදිය පිළිබඳ මෙම ලිපි සරණිය මගින් සාකච්ඡා කැරේ. රාවය කර්තෘ මණ්ඩලයේ සාමූහික ප්‍රයත්නයකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සභ්‍යත්වය - Shri Lankawe Ithihasaye Sabyathwaya

Image
 ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සභ්‍යත්වය  කර්තෘ - වික්ටර් අයිවන් මිල - රු. 500/= ලංකාවේ වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයේ සිට බි්‍රතාන්‍ය යුගය දක්වාත් අනතුරුව 48 නිදහස ලැබීම දක්වාත් කාලය අරබයා සාම්ප්‍රදායික දෘෂ්ටි කෝණයෙන් බැහැරව කරන ලද ඉතිහාසය පිළිබඳ විග්‍රහයකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ගැටුම් නිරාකරණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් - Getum Nirakaranaya Pilibada Siddi Adyanayak

Image
 ජොහාන් ගල්ටූන් පරිවර්තනය- කේ.ඒ.එන්. පෙරේරා මිල  - රු.540 පුද්ගල මට්ටමේ සිට අන්තර්ජාතික තලය  විහිද ගිය ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනයකි. මෙම  සිද්ධි අධ්‍යයනයන්ට දේශපාලන , ආර්ථික , සමාජීය ඇගයීම හා  පාරිසරික වැනි ක්ෂේත්‍ර වලට පාදක ගැටුම් විෂය වෙයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ඊවා ලූනා - Eva Luna

Image
 ඉසබෙල් අයියන්දේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. පරිවර්තනය - ගාමිණී වියංගොඩ මිල - රු.700 ඊවා ලූනාහි කතා සංදර්භය අතිශය  නිර්මාණශීලී අවකාශයක් ඔස්සේ පාඨකයාගේ ජීවිතාවබෝධයට  අලුත් හා හැඟීම්බර සාක්ෂ්‍යය රැසක් එක්කර දෙයි. එහිදී නව අඛ්‍යාන රටාවක්ද ලේඛකයා වහල් කොට ගෙන ඇත. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ඇත්තක අරුමය - Eththaka Urumaya

Image
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. පරිවර්තනය -  විජයානන්ද ජයවීර මිල - රු. 450/-  යථාර්ථය ගවේෂණයට උපකාරී වන්නේ විද්‍යාත්මක එළඔුම්ය. ඩෝකින්ස් විසින් රචිත මෙම කෘතිය  විද්‍යාත්මක  ඇවතුම් පැවතුම් ක්‍රියාවලියක හා තේරුම් ගැනීමක වැදගත්කම  අවධාරණය කරයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

චෞර රාජ්‍යය - Chura Rajya

Image
කර්තෘ  - වික්ටර් අයිවන් මිල - රු.450/- ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය විසින් අත්පත් කරගෙන තිබෙන අසීමිත බලතල හා එම ක්‍රමයේ දැතිරෝද කැරකෙන ආකාරය අළලා කරන ලද නිරීක්ෂණයන් පෙරදැරි විමර්ශනයකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852