කර්තෘ - ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මිල - රු. 175/- සී.ඩබ්ලිව්.ඩබලිව්. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ව්‍යාපාරයට ඌනපූරණ ඉදිරිපත් කරමින්ද, ඊට එරෙහිව නැගුණු ඉහළ පාන්තික විරෝධතාවන් මතවාදීව පරාජය කරමින්ද, ඇන්.ඇම්. මෙරට නිදහස් අධ්‍යාපනයේ පරිසමාප්තතාව උදෙසා මෙම කෘතිය සම්පාදනය කළේ බෝගම්බර සිරගෙදර සිටය. විශේෂයෙන්ම දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපනය සඳහා වූ විශේෂ කොමිටියේ දුබලතාවන් විවේචනයටත් ප්‍රබලතාවන්හි ස්ථාවරත්වය සඳහාත් මෙම කෘතිය රචනා කර ඇති බව දැක්වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම සහ හිටපු අමාත්‍ය බැටී වීරකෝන් විසින් රචිත පෙරවදන් දෙකකින්ද කෘතිය සංගෘහිතය. ■ ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852